Life
කාන්තාවන්ගේ වයස 40න් පසු මතුවන කායික මානසික වෙනස්කම්
කාන්තාවකගේ වයස අවුරුදු 40 යනු ඇය තරුණ වියෙන් මැදිවියට පා තබන
අවදියයි. මෙලෙස මැදිවියට පත්වන කාන්තාව තුළ ඇතිවන කායික සහ මානසික
වෙනස්කම් මොනවා ද කියා අපි විමසා බලමු.
වෛද්‍යතුමනි, මැදිවියට පත්වන කාන්තාවන් තුළ ඇතිවන කායික මානසික වෙනස්කම් වලට බලපාන හේතු මොනවාද?
මැදිවියේ
කාන්තාවන්ගේ ඇතිවන කායික සහ මානසික විපර්යාසයන් ගැන දේවෝ නැමැති මහා සෘෂි
වෛද්‍යතුමන් මෙසේ පවසා තිබෙනවා චිත්තභාගා, ප්‍රීති සිනහාභාගා ක්රියාකරක
දීඝායු වර්ණ සුඛෝ හෝතු
මින් පවසන්නේ යම් පුද්ගලයකුගේ මනස
සැහැල්ලුවෙන් යුක්තව තිබේ ද ක්‍රියාශීලීව කටයුතු කරයි ද එම තැනැත්තා
දිගුකල් පැහැපත්ව සුවසේ ජීවත්වන බවය.
නමුත් බොහෝ කාන්තාවන් වයස
අවුරුදු 40 පමණ වන විට ඔවුනගේ රූප සෝභාව අඩුවෙනවා. දැඩි කෝපයෙන් යුක්තව
කටයුතු කරනවා. ඊට බලපාන්නේ ඔවුනගේ නාඩි ක්‍රියාකාරිත්වය වෙනස්වීමයි.
සෑම වයසකටම වගේ වයස අවුරුදු 40 පමණ වනවිටත් නාඩි 20 ක ක්‍රියාකාරිත්වය බලපානවා.
විශේෂයෙන්
ම කුසල් නාඩිය, අකුසල් නාඩිය, විකාර නාඩිය, කුලප්පු නාඩිය, නොසන්සුන්
නාඩිය, බිය ජනක නාඩිය, සැක සංකා නාඩිය, මතක ශක්ති නාඩිය මෙහිදී වැඩි
බලපෑමක් එල්ල කරනවා.
මෙම නාඩිවල ක්‍රියාකාරීත්වය අනුව සිත සන්සුන්ව
පැවතීම නොසන්සුන් වීම, කෝපය ඇතිවීම, ඉවසීම ඇතිවීම, අන් අය ගැන සැක සංකා
මතුවීම සහ මිත්‍රශීලී බව ඇතිවීම, බොහෝ දේ මතකයේ තිබීම හෝ මතකයෙන් ගිලිහී
යාම ඇතිවෙනවා.
මම ඉස්සර ලස්සනට හිටියා. දැන් ටික කාලයක ඉදන් මගේ
ලස්සන නැති වී යන්න පටන් අරගෙන. සම වියළිලා. පැහැපත් බව නැහැ. කොණ්ඩය
යන්න පටන් අරගෙන. ඇතැම් කාන්තාවෝ කනස්සල්ලෙන් යුක්තව පවසති.
දැන් ටික දවසක ඉදලා මට කේන්ති යනවා වැඩියි. ඉවසන්න බැහැ. මෙලෙස පවසන කාන්තාවන් තුළ සැකය, නොසන්සුන්බවද පවතී.
මේ සියල්ලට ම හේතු වී ඇත්තේ ඔවුන්ගේ නාඩි ක්රියාකාරීත්වයේ මතුව ඇති වෙනස්කම්ය.
මෙවැනි කාන්තාවන්ගේ නාඩි ක්රියාකාරීත්වයේ මතුව ඇති විකෘතිතා ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමෙන් මතුව ඇති ගැටලු සුවපත් කළ හැකිය.
නාඩි
ප්‍රකෘති තත්ත්වයට පත්කළ පසු ඉක්මනින් සම පැහැපත් කර ගැනීමටත් සම අවපැහැ
ගැන්වීම වලක්වා ගැනීමටත් ඖෂධීය ගුණසහිත අත් බෙහෙතක් සාදාගෙන දිනපතා සම මත
පැය භාගයක් පමණ ගැල්විය හැකිය.
අත් බෙහෙත
සුදු හඳුන් පිටි,
කඩල පිටි, වද කහ පිටි, අමුක්කරා පිටි, කස්තුරි කහ සමව ගෙන බිත්තර සුදු
මදයක්, මී පැණි, ඔලිව් තෙල්, දෙහි යුෂ පිපිඤ්Æ යුෂ, රතු කොමඩු යුෂ,
කෝමාරිකා යුෂ, තේ හැඳි 02 බැගින් ගෙන හොඳින් මිශ්‍රකර ආලේපය සාදාගන්න.
මෙම අත්බෙහෙත දිනපතා සාදාගත යුතු අතර පසු දිනට ශීතකරණයක බහා තබා නැවත පාවිච්චි නොකළ යුතුය.
වැඩිවිස්තර සඳහා දුරකථන අංක 0776500677 මගින් වෛද්‍යතුමන් ඇමැතිය හැකිය.
අඟුලාන ලියන්වෙල
සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්ථානයේ
වෛද්‍ය මහාචාර්ය
ජිනසිරි ලියන්වෙල
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks